21 වන ආසියානු මාධ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා වෛද්‍ය නලින්ද ජයතිස්ස මාලදිවයින බලා යයි.

0
3

මාලදිවයිනේ විලා නෝටිකාහි ( Villa Nautica) ආරම්භ වන 21 වන ආසියානු මාධ්‍ය සමුළුට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (12) දිවයිනෙන් බැහැරව යාමට නියමිතය.

21 වන ආසියානු මාධ්‍ය සමුළුව අද සිට ලබන 14 වන දින දක්වා මාලදිවයිනෙහි දී පැවැත්වෙන අතර මෙම සමුළුව  සඳහා ආසියානු රටවල් ගණනාවක් නියෝජනය කරමින් ප්‍රතිපත්ති සම්පාදකයින්, මාධ්‍ය ආයතන හිමිකරුවන්, මාධ්‍ය වෘත්තිකයින්, සන්නිවේදන පර්යේෂකයින්, නිරීක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.

මෙම සමුළුව සඳහා මාලදිවයින් රජයේ නියෝජිතයින්ට අමතරව බංග්ලාදේශයේ තොරතුරු හා විකාශ අමාත්‍ය, බිමිස්ටෙක් සංවිධානයේ මහ ලේකම්, සාක් සංවිධානයේ මහ ලේකම්, ටිමෝරයේ සමාජ සන්නිවේදනය පිළිබඳ රාජ්‍ය ලේකම් ඇතුළු ආසියානු කලාපයේ රටවල ක්ෂේත්‍රයේ ප්‍රධානීන් රාශියක් එක්ව සිටී.

මෙම සමුළුවේ හතරවන සැසියේ ප්‍රධාන දේශනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍ය ප්‍රතිපත්ති, මහජන තොරතුරු ප්‍රචාරණය, මාධ්‍ය වෘත්තීයභාවය සහ මහජන අවශ්‍යතා උදෙසා සන්නිවේදන වගකීම් යන කරුණු ඇසුරින් පැවැත්වීමට ද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here