නවසීලන්ත කාන්තා ක්‍රිකට් ” A” කණ්ඩායම දිවයිනට

0
3

කාන්තා ක්‍රිකට් ” A” කණ්ඩායම ශ්‍රී ලංකාවේ එක් දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි 02 ක් සදහා සහභාගී වීමට අද (08) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ.

මෙම කණ්ඩායමට නිලධාරීන් සහ ක්‍රීඩිකාවන් 21 දෙනෙකු ඇතුළත් වෙති.

ඔවුන් සහභාගී වන එක් දින තරගාවලියේ පළමු තරග 03 එළඹෙන 12, 15 සහ 18 යන දින වලදී පැවැත්වීමට නියමිතය.

එසේම විස්සයි විස්ස තරගාවලියේ තරග 03 එළඹෙන 21, 23 සහ 25 යන දින වල පැවැත්වීමට නියමිතය.

මෙම සියලුම තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැළසුම් කර තිබේ.

නවසීලන්ත කාන්තා ” A ” ක්‍රිකට් කණ්ඩායම 05/08 දින අලුයම 12.48 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here