චීනයේ හුනාන් ප්‍රාන්තයේ ගිනිකෙළි කර්මාන්තශාලාවක ගින්නක්. 21 දෙනෙකු මරුට.

0
3

චීනයේ හුනාන් ප්‍රාන්තයේ ලියුයැන්ග් නගරයේ පිහිටි ගිනිකෙළි කර්මාන්තශාලාවක සිදු වූ දරුණු පිපිරීමකින් පුද්ගලයන් 21 දෙනෙකු මිය යයි.

චීනයේ හුනාන් ප්‍රාන්තයේ ලියුයැන්ග් (Liuyang) නගරයේ පිහිටි ගිනිකෙළි කර්මාන්තශාලාවක සිදු වූ දරුණු පිපිරීමකින් පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් 61 දෙනෙකු තුවාල ලබා ඇත.

ඊයේ (04) සවස 4ට පමණ මෙම පිපිරීම සිදුවී ඇති බව එරට මාධ්‍ය පවසයි.

සහන සේවකයින් 500ක් පමණ යොදවා ඇති අතර, ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පිරිස් සෙවීම සඳහා රොබෝ යන්ත්‍ර ද භාවිතා කර ඇති බව සඳහන් වෙයි.

තවත් පිපිරීම් ඇතිවීම වැළැක්වීම සඳහා කර්මාන්තශාලාව අවට කිලෝමීටර් 3ක ප්‍රදේශයක සිටි ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here