පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 302කට ආසන්න ප්‍රමාණයක් පුත්තලමේදී විනාශ කෙරේ

0
3

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදුකරන ලද වැටලීම් මගින් පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 302කට ආසන්න ප්‍රමාණයක් අද (27) දිනයේදී විනාශ කිරීමට නියමිතව තිබේ.

මෙලෙස විනාශ කිරීමට නියමිතව ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය බලපිටිය සහ හලාවත අධිකරණවල විභාග වූ නඩු කටයුතු අවසන් වීමෙන් පසු රැස්කළ හෙරොයින් කිලෝ 22 ග්‍රෑම් 888ක්, කේරළ ගංජා කිලෝ 33 ග්‍රෑම් 172ක් හා ගංජා කිලෝ 247 ග්‍රෑම් 940ක ප්‍රමාණයකි.

ඊට අදාළව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ තිබූ මත්ද්‍රව්‍ය තොගය අද අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පුත්තලමේ පිහිටි වනාතවිල්ලුව ලැක්ටෝවත්ත දහන උඳුන වෙත ගෙන යාම ආරම්භ කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here