පාපන්දු ලෝක කුසලාන තරඟාවලියෙන් ඉරාන කණ්ඩායම ඉවත් කර ඉතාලිය ආදේශ කරන ලෙස අමෙරිකාව ඉල්ලයි.

0
2

2026 වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති ඉරාන කණ්ඩායම ඉවත් කර, ඒ වෙනුවට ඉතාලිය ආදේශ කරන ලෙස අමෙරිකාව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඒ ඇමෙරිකානු විශේෂ නියෝජිත පාවුලෝ සැම්පොලි විසිනි.

ඔහු මෙලෙස තම ධූරයෙන් ඉවත් වන්නේ, මැදපෙරදිග යුද්ධය සහ ඇමෙරිකාව විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය අඛණ්ඩව අවහිර කරන පසුබිමක ය.

2026 වසරේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති ඉරාන කණ්ඩායම ඉවත් කර, ඒ වෙනුවට ඉතාලිය ආදේශ කරන ලෙස අමෙරිකානු විශේෂ නියෝජිත පාවුලෝ සැම්පොලි ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයෙන් ඉල්ලා ඇති බව විදෙස් පුවත්පත වාර්තා කරයි.

කෙසේ වෙතත්, අමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව ඒකාබද්ධව සත්කාරකත්වය දරන මෙම තරඟාවලියට සහභාගී වීම සඳහා තමන් පූර්ණ සූදානමකින් සිටින බව ඉරානය මීට පෙර තහවුරු කර තිබුණි.

ෆීෆා සභාපතිවරයාද පසුගිය සතියේ අවධාරණය කළේ ජූනි 11 සිට ජූලි 19 දක්වා පැවැත්වෙන තරඟාවලියට ඉරානය සහභාගී වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාර්තු මාසයේදී ප්‍රකාශ කළේ ඉරාන කණ්ඩායමට තරඟාවලිය සඳහා සාදරයෙන් සංග්‍රහ කරන නමුත්, ඔවුන්ගේ “ජීවිත සහ ආරක්ෂාව” පිළිබඳව ගැටලුවක් පවතින බවය.

තරඟ කාලසටහනට අනුව ඉරානය සිය මූලික වටයේ තරඟ බෙල්ජියම, නවසීලන්තය සහ ඊජිප්තුව සමඟ සියැටල් සහ ලොස් ඇන්ජලීස් නගරවලදී ක්‍රීඩා කිරීමට නියමිතය.

මෙම තරග මෙක්සිකෝව වෙත මාරු කරන ලෙස ඉරානය කළ ඉල්ලීම ෆීෆා ආයතනය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here