‘අභිමානවත් ඉතිහාසයක ලාංකේය මුස්ලිම් ලකුණ’ කෘතිය ජනගත කිරීම අද මහනුවර පුෂ්පදාන ශාලාවේදී.

0
66

පසුගිය ජනවාරි 28 වනදා උත්සවාකාරයෙන් එළිදැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම්වරුන් ඓතිහාසික වශයෙන් මෙරටට ලබාදුන් විවිධාකාරයේ සේවාවන් පිළිබඳ ගවේෂණාත්මක කෘතියක් වන රුහුණු විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කථිකාචාර්ය අචාර්ය ධම්මික ජයසිංහ විසින් දෙමළ භාෂාවේ සිට සිංහල භාෂාවට පරිවර්තනය කළ ‘අභිමානවත් ඉතිහාසයක ලාංකේය මුස්ලිම් ලකුණ’ කෘතිය ජනගත කිරීමේ උත්සවය අද (28) පස්වරු 2.30ට මහනුවර ඩී.එස්. සේනානායක වීදියේ පිහිටි සීමා සහිත මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිති ශාලාවේ පැවැත්වීමට නියමිතය.

අන්තර් ආගමික සාම පදනම(IRPF), මහනුවර තරුණ මුස්ලිම් සංගමය (YMMA ) සහ පහන මීඩියා ඇතුළු සංගම් රාශියක් එකතුවෙන් සංවිධානය කරන මෙම උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය සරත් අබේකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ ජේෂ්ඨ මහාචාර්ය රෝහිත දසනායක මැතිතුමාගේ විශේෂ දේශනයක්ද කෘතියේ මුල් කතෘ ආචාර්ය රවුෆ් සෙයින් මැතිතුමා සහ පරිවර්තක ආචාර්ය ධම්මික ජයසිංහ මැතිතුමාගේ අදහස් දැක්වීමක්ද මෙහිදී සිදු කෙරෙනු ඇත.