කොළඹ තුර්කි තානාපති කාර්යාලය සංවිධානය කළ “My Memorable Ramadan” තරඟාවලියේ ජයග්‍රාහී දූ දරුවන්ට ත්‍යාග ප්‍රදානය කිරීම වෙනුවෙන් සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත් වුණි.
පසුගිය 10වනදා දෙවන වරටත් පවත්වනු ලැබූ මෙම වැඩසටහන හරහා අපේ දූ දරුවන් තුළ පවතින සුවිශේෂී නිර්මාණශීලී හැකියාවන් දැකගැනීමට ලැබීම සැබවින්ම සතුටට කරුණකි.
එමෙන්ම නිර්මාණශීලීත්වය දිරිමත් කිරීම වෙනුවෙන් තුර්කි තානාපති කාර්යාලය දායකත් ලබාදී තිබුණි.
නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිහ් මහතා,නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා, මෙන්ම විදෙස් තානාපතිවරුන් සහභාගී වූහ.


