දාරුල් කුර්ආන් ලිබරා ඉමිල් ඊමාන් කුර්ආන් මද්‍රසාවේ 25 වන සංවත්සර උළෙලට සියල්ල සූදානම්.

0
4

දාරුල් කුර්ආන් ලිබරා ඉමිල් ඊමාන් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, පාලක සභාව, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන් එක්ව එම මද්‍රසාවේ වසර 25ක අභිමානවත් සේවය සැමරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන 25 වන සංවත්සරය හෙට (12) ඉරිදා පෙරවරු 9.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) පැවැත්වේ.

මෙම උළෙලේ ප්‍රධාන අමුත්තා සහ විශේෂ දේශකයා ලෙස ජාමියා නලීමියා ආයතනයේ අධ්‍යක්ෂ අෂ්-ෂෙයික් උස්තාද් ඒ.සී. අගාර් මොහොමඩ් මහතා සහභාගීවීමට නියමිතය.

එදින විශේෂ අමුත්තන් ලෙස,

  • සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ මහලේකම් අෂ්-ෂෙයික් අර්කම් නූරාමිත් මහතා
  • ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු මුනීර් මුලාෆර් මහතා
  • මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම්. නවාස් මහතා සහභාගී වනු ඇත.

මෙම උත්සවයේදී මද්‍රසා සිසුන්ගේ කලා කුසලතා දැක්මක්, මද්‍රසා විෂය මාලාව හඳුන්වා දීම, තෑගි සහ සම්මාන ප්‍රදානය කිරීම ඇතුළු වැදගත් අංග රැසක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here