මුතුමුදලිගේ පුෂ්පකුමාර චීන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරේ.

0
75

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු මුතුමුදලිගේ පුෂ්පකුමාර චීන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්ව ඇත.

සමාජ මාධ්‍යවල ඡායාරූප බෙදා ගනිමින් ඔහු පැවසුවේ, ‘පළමු වරට චීන ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ පිටියට පිවිසීමට ලැබීම ගෞරවයක්’ යනුවෙනි.

චීනයේ හැංෂෝ හි ෂෙජියැං විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නිලධාරීන් සහ කණ්ඩායම සමඟ ඔහු සාකච්ඡාවල නිරත වන අයුරු මෙහි දක්නට ලැබේ.