නවසීලන්ත ” A ” ක්‍රිකට් කණ්ඩායම දිවයිනට.

0
5

නවසීලන්ත ” A ” ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ පවත්වන එක් දින සහ සිව් දින තරග සංචාරයක් සදහා අද (03) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

ඔවුන් ශ්‍රී ලංකා ” A ” ක්‍රිකට් කණ්ඩායම සමග තරග 03 කට සහභාගී වන අතර එහි පළමු තරගය 05 වන දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය.

ඉතිරි තරග 02 එළඹෙන 04//08 දින සහ 04/11 දින හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය .

ඉන්පසු සිව් දින තරග 02 ද හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ දී 04/16 දින සිට 04/19 දින දක්වාත් , ඊළඟ තරගය 04/23 දින සිට 04/26 දින දක්වාත් පැවැත්වීමට නියමිතය.

මෙම නවසීලන්ත “A” ක්‍රිකට් කණ්ඩායම මෙම තරගාවලියට සහභාගී වීම සදහා 04/03 දින අලුයම 12.30 ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here