අරාබි රටවල් ඉරානය සමග අත්වැල් බැඳ ගැනීමට දැන් කාලයයි.

0
6

-නීතිඥ මාස්.එල්. යුසුෆ්-

“මිනිසුන් යනු ඇදහිල්ලෙන් ඔබගේ සහෝදරයන් විය යුතුය හෝ මනුෂ්‍යත්වයෙන් ඔබගේ සමානයන් විය යතුය’ – ඉමාම් අලි නහ්– අල් බලාහා”.

ඉරාන ඉස්ලාමීය ජනරජය සමඟ අරාබි රටවල් එක්සත් විය යුතුය යන යෝජනාව ඇත්තෙන්ම සංකීර්ණ එකක් නොව එය ඉතා පැහැදිලි සහ සරල එකකි. එසේ වුවද මුහම්මද් තුමන්ගේ සමීප සගයෙකු වන කාලිද් බින් වලීද් විසින් නිරූපණය කරන ලද ධෛර්යය, අසමසම නිර්භීතකම සහ හමුදා බුද්ධිය වැනි ඇතැම් අත්‍යවශ්‍ය ගුණාංග මෙයට අවශ්‍ය වේ, එසේම මුහම්මද් තුමන් විසින් දැනුමේ නගරයේ දොරටුව’ යැයි ප්‍රශංසා කරන ලද හා එතුමන්ගේ බෑනා වු අලි ඉබ්න් අබු තාලිබ්ගේ දූරදර්ශී නායකත්වය සහ ප්‍රඥාවෙන් ලබාගත් ආභාෂයද මේ සඳහා අවශ්‍ය වෙයි. මෙවිට මතු විය හැකි ප්‍රශ්නයක් නම් අරාබි පාලකයින්ට මෙම ගුණාංග කිසිවක් තිබේද යන්නයි.

කලාපයේ බලවතා බවට ඉරානය පත්වුවහොත් අරාබි රටවල දැනට පාලන බලය හිමි කර සිටින ආත්මාර්ථකාමි රජ පවුල්වල ආරක්ෂාවට සහ පැවැත්මට එය සැබෑ තර්ජනයක් විය හැකිය යන කරුණ පසෙකලා මෙම කාරනාවට යොමු වුවහොත් ඇත්තෙන්ම ඉරානය සමග එක් වීම නිසා අරාබි රටවලට ඇති විය හැකි යහපත බොහෝය. මෙම යෝජනාව වෙත අප යොමු විය යුත්තේ හැගීම්වලට මුල් තැන දෙමින් නොව තාර්කිකවය.

ඉරානය සමඟ අරාබි රටවල් එක් වීමේ යෝජනාව බහු මූලෝපාමය ඇතුලු වෙනත් කරුණුවලට එරෙහිව තක්සේරු කළ හැකිය. කුර්ආන් ඉගැන්වීම්, යුදෙව් ආගම, ක්‍රිස්තියානි ධර්මය සහ ඉස්ලාම් යන ඒබ්‍රහම් ඇදහිලිවල සංකල්පය, භූ දේශපාලනය සහ ආර්ථිකය, මහා ඊශ්‍රායේල කුමන්ත්‍රණය, අධිරාජ්‍යවාදය, ගල්ෆ් කලාපීය උනන්දුව සහ සැමට සාමය, ආරක්ෂාව සහ සමෘද්ධිය යන දෘෂ්ඨිකෝණ මේ සඳහා යොදා ගත හැකිය. මෙම ලිපිය මෙම කරුණු සියල්ල ගැඹුරෙන් අධ්‍යයනය කරන්නට අදහස් නොකරයි. ඒ වෙනුවට මෙහි පුළුල් යොමුව වන්නේ අවසාන් වශයෙන් සඳහන් වනිසැමට සාමය ආරක්‍ෂාව සහ සමෘධිය’ යන සංකල්පයයි. ඒ මෙම කරුණ ඉහත කරුණු සියල්ල හා අන්තර් සම්බන්ධිත හෙයිනි. තවද සැමට සාමය හා සමෘධිය යන සංකල්පය එක්සත් ජනපදය විසින් තමන්ට පමණක් පවත්වා ගෙන යාමට අදහස් කරන ගෝලීය ඒකාධිකාරි ආධිපත්‍යය, අහංකාරය සහ එමගින් සිදු කරනු ලබන මුලාව, පීඩනය, දූෂණය, අයුක්තිය මෙන්ම සම්පත්වලින් අනූන අසරණ රටවලට එරෙහිව සිදු කරනු ලබන බලපෑම් සහ විනාශය ආදියට තිත තබනුද ඇත. එනම් තමන්ට පමණක් තිබිය යුතුය යැයි එක්සත් ජනපදය වැනි රටවල් පතන සාමය හා සමෘධිය ලොව සෑම රටකටම හිමි වනු ඇත.

ගල්ෆ් සහයා්ගිතා කවුන්සිලයෙන් :(GCC) ලැබිය හැකි පාඩම්

1981 දී සෞදි අරාබිය, බහරේනය, ඕමානය, කටාර්, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන මැද පෙරදිග අරාබි රටවල් හයක සන්ධානයක් ලෙස පිහිටුවන ලද ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය යනු නිෂ්ඵල, අසාර්ථක හා නිර්ල–ජී වෑයමකි. මෙය මුස්ලිම්වරුන් ලැජ්ජා විය යුතු කරුණක් වන්නේ මෙහි සාමාජික රටවල් සියල්ල මුස්ලිම් රටවල් වන හෙයිනි. එහි අරමුණ වූයේ එහි සාමාජිකයන් අතර ආරක්ෂාව, ආර්ථිකය, දේශපාලනය සහ සංස්කෘතිය තුළ එකමුතුව ඇති කිරීම වුවද පසුව සාමාජික රටවල් සිතූමතේ විවිධ දිශාවලට යාමට පටන් ගැනීම නිසා මේ අරමුණු කිසිවක් සාක්‍ෂාත් වුයේ නැත.

මෙම රටවල් මූලික වශයෙන් පවුල් ඒකාධිපති රාජ්‍යයන් වන අතර එම රටවල පාලක පවුල් රටේ දේශපාලන බලයද රඳවා ගෙන සිටිති. මෙම රටවල සම්පත් වන තෙල් සහ ගෑස්වලින් ලබන ප්‍රකෝටි සංථඛාත ධනයේ අති දැවැන්ත ප්‍රතිශතයක් ඒ ඒ පවුල් තුළ සංකේන්ද්‍රණය වී ඇති හෙයින් විදේශ ප්‍රතිපත්ති සම්බන්ධ තීරණ ගනු ලබන්නේ පවුලේ ආරක්‍ෂාව අඛණ්ඩ බලය ආදියට මුල් තැන දෙමින් මිස රටේ සහ එහි වැසියන්ගේ සුබසාධනයට හෝ අපේක්‍ෂාවලට මුල් තැන දෙමින් නොවේ. මේ අනුව, සැමට යුක්තිය සහ සාධාරණත්වය ඔවුන් කෙරෙහි දක්නට නොලැබේ, එනිසාඔවුන්ට හිතකර වූ විට හැර රටට හිතකර වන කිසිවක් ඔවුන් නොකරති. පවුල් ආධිපත්‍යය පවත්වා ගැනීම සඳහා එයට මහජනයා හෝ තනි පුද්ගලයන් වෙතින් විරුද්ධත්වයක් පැන නැගි විට සාහසික ලෙස විරෝධතාකරුවන් මර්දනය කිරීම මෙම රටවල රජුන් විසින් පොදුවේ සිදු වනු දැකිය හැකිය.

සන්ධානයක් ලෙස GCC අසාර්ථක වීමට බොහෝ හේතු ඇති අතර එයින් ඇතැමක් වන්නේ පාලක පවුල් අතර පවතින අභ්‍යන්තර ආරවුල්, දේශපාලන එදිරිවාදිකම්, අනෙකාට වඩා පොහොසත් වීමේ ආත්මාර්ථකාමිත්වය මෙන්ම ගැඹුරු ඒකාබද්ධතාවය සහ සාමූහික ශක්තිය සඳහා අවංක කැපවීමක් නොමැතිකම, සන්ධානයේ සාමාජිකයින් අතර අර්බුද මැඩපැවැත්වීමට ශක්තිමත් ආයතනික ව්‍යුහයක් නොමැතිකම ආදියයි. 2017 වසරෙහි කටාරයට පනවන ලද බාධක මේ සඳහා හොඳ නිදසුනකි. එසේම සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනය යන රටවල් තුළ පවතින ගැඹුරු ඉරිතැලීම් නිසා ඔවුන් තනිවම ක්‍රියා කිරීමට පවා පෙළඹුනු අවස්ථා දැකිය හැකිය. සමස්තයක් ලෙස ගත් කල කවුන්සිලයේ විශ්වසනීයත්වය නිතරම පාහේ අභියේගයට ලක් වු අතර ගාසා තීරයේ යුදව්වන් වසර 75 ක් පුරා සිදු කරමින් සිටින ජන සංහාරය හමුවේ කවුන්සිලයේ කන් බිහිර කරන නිවට නිහඬතාවය එම කවුන්සිලය පිළිබඳ දැඩි පිළිකුලක් එම රටවල ජනයා අතර පමණක් නොව සෙසු අරාබි නොවන මුස්ලිම් ලෝකයා අතරද ඇත.
ඒකාධිකාරියට අවන වීම මුස්ලිම් සහ අරාබි ලොවේ පැන නැගී ඇති මෙම අසමගිය ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට සහ වංක සියොන්වාදීන්ට ගුඩ් කොප් හෙවත් යහපත් පොලිස් නිලධාරියෙකුගේ භූමිකාව රඟ දැක්වීමට හොඳ අවස්ථාවක් ලබා දී ඇත. මෙම බෙදීම කඩිනමින් තම වාසියට යොදා ගන්නට ඇමරිකාව ඇතුලු කල්ලියට මග පෑදු අතර මෙය තමන්ගේ අභ්‍යන්තර ගැටුම් සඳහා විසඳුම් සෙවීමට අරාබි පාලකයින් උනන්දු කළේය. මේ සඳහා කවුන්සිලයේ සාමුහික යාන්ත්‍රණය හෝ බාහිර බලවතුන්ගේ පිහිට හෝ නොසොයා ඒ වෙනුවට ද්විපාර්ශ්විකව විසඳුම් සෙවීමට අරාබින් යොමු වුහ. මෙම ආධිපත්‍යවාදී කුමන්ත්‍රණයේ ඉලක්කය වුයේ කවුන්සිලයේ මුලෝපාමය ස්වාධීනත්වය අඩපණ කිරීම සහ ගෝලීය වශයෙන් එහි බලපෑම සීමා කිරීමයි.

සියොන්වාදීන්ගේ සහාය ඇතිව ඇමරිකානුවන් මෙම සැලැස්ම සාර්ථක කර ගත්හ. තම පවුල් පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා අරාබින් කැමැත්තෙන්ම මෙම ආධිපත්‍යයට අවනත වුහ. මේ නිසා වර්තමානයෙහි කිසිවෙක්වත් ඨක්‍ක්‍ කවුන්සිලය තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැත. යුරෝපා සංගමය, ඒසියෑන් වැනි අනෙකුත් ක්‍රියාකාරී සංවිධාන හා සසඳන විට මෙය කෙතරම් කණගාටුදායක හා අවාසනාවන්ත තත්වයක්ද? මේවා විවිධ ආගම්, සංස්කෘතීන්, ජනවාර්ගික, ජාතීන් සහ භාෂාවන්ට අයත් රටවල් සහ ජනතාව අතර තිබෙන සන්ධාන වන අතර ඨක්‍ක්‍ අරාබි ජනතාව සහ එකම අරාබි භාෂාවකින්, එක ආගමකින්, එක සංස්කෘතියකින් සමන්විත වුවකි. මෙම තත්වයට දොස් පැවරිය යුත්තේ කාටද? යනුවෙන් කෙනෙකු අසන්නට පුළුවන.

බිය ගැන්වීමේ උපක්‍රමය

බිය ගැන්වීම යනු මතුවට තිබෙන යම් අනතුරක් පිළිබඳ අතිශයෝක්තියෙන් යුත් කටකතා පතුරවමින් භීතියේ හැඟීම අවභාවිතා කිරීමකි යැයි විග්‍ර කෙරේ.

මැද පෙරදිග ප්‍රමාණයෙන් කුඩා අරාබි රාජධානිවලට ලොව අතිවිශාල තෙල් හා ස්වාභාවික ගෑස් සම්පත් හිමිව ඇත. මෙම රටවල් බොහෝමයක ජනගහණය ඉතා සුළු වන අතර එහි සිටින විදේශ ශ්‍රම බලකාය සාපේක්‍ෂව ඉතා අධිකය. එමෙන්ම මෙම රටවල් වසරක් පාසා එක්සත් ජනපදය නිපදවන මිලාධික හා තාක්‍ෂණයෙන් ඉහළ ප්‍රහාරක යානා සහ අවි ආයුධ මිලදී ගත්තද හමුදාමය වශයෙන් සිටින්නේ ඉතා දුබල, නිවට තත්වයකය. මෙනිසා මෙම රටවල් උපාමාරු, කුමන්ත්‍රණ සහ භූ-දේශපාලන කෝණවලින් යටත් විජිතවාදී සහ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණවලට ගොදුරු විය හැකි පහසු ඉත්තන් බවට පත්ව සිටිති.

ඇමරිකා එක්සත් ජනපදයට මෙය අරාබි රටවල තෙල් සම්පත පාලනය කිරීමට සඳහා කදිම අවස්ථා උදා කර දී ඇත. මෙම අරාබි පාලකයින් මට්ටු කිරීමට ඔවුන් භාවිතා කළ හොඳම ආයුධය වූයේ බිය ගැන්වීමයි. ඔවුන් බිය, අවිනිශ්චිතතාවය සහ සැකය යන මෙවලම් මුලෝපාමය උපක්‍රම ලෙස භාවිතා කළේ වැරදි තොරතුරු, සැකය සහ නිෂේධාත්මක හැඟීම් පතුරුවා හැරීමෙනි. එමඟින්, අරාබි පාලකයන් සහ ඔවුන්ගේ ජනතාව අතර සහ මැද පෙරදිග කලාපය තුළ සහ ඉන් පිටත මුස්ලිම් ජාතීන් අතර පැවති විශ්වසනීයත්වය රහසිගතව සහ රාජ්‍ය තාන්ත්‍රිකව හානි කරන්නට ඇමරිකානුවන්ට හැකි විය.

ලොවටම අනතුරුදායක දුෂ්ටයා ලෙස කලින් කලට යමෙක් හෝ යම් රටක් යොදා ගැනීම ඇමරිකාවේ සිරිතයි. 2000 මුල් භාගයෙහි එමිවාසනාව’ හිමි වුයේ ඉරාකයේ සදාම් හුසේන්ටය. ඔසාමා බින් ලාඩන්ට සමුලඝාතණ අවි ලබා දීමට සදාම් ක්‍රියා කරන කරන බව එවකට සිටි ජනාධිපති ජෝර්– බුෂ් පවසමින් ඉරාකයට කඩා පැන තෙල් සම්පතින් පිරි එම රට විනාශ කර දැම්මේය. එහි තිබු සමුළඝාතණ අවියක් නොවීය.

සදාම්ගෙන් පසු ඉරානයේ තමන්ට ගැති පාලනයක් ගෙන ගිය දුෂිත ෂා රජු පළවා හැරි ඉරානය වෙත එක්සත් ජනපදය යොමු වී කලාපයේ අරාබි රටවල රාජාණ්ඩුව හිමි පවුල්වලට සහ ඉස්රායේලයට තර්ජනයක් වන ඉරානය මට්ටු නොකර මැද පෙරදිගෙන් ඉවත් වීම කිසිසේත් කළ නොහැකිය යන විදේශ ප්‍රතිපත්තියක් එක්සත් ජනපදය ප්‍රකාශයට පත් කළේය.

ට්‍රම්ප් සහ නෙතන්යාහුගේ වික්‍රම

තමන්ට මහත් හිසරදයක් වු එප්සටියින් පළහිලව්වෙන් බේරෙන්නට ට්‍රම්ප්ද, දුෂණ නඩුවලින් බේරෙන්නට නෙතන්යාහුටද යම් දඩමීමෙක් අවශ්‍ය වී අද මෙම අපරාධකරුවන් දෙදෙනාම එක්ව මුළු ලොවම ආර්ථික පාරිසරික හා හමුදාමය වශයෙන් දැවැන්ත පරිහානියකට තල්ලු කරමින් සිටිති. මෙම තත්වය අරාබි පාලකයන්ගේ දරදඬු මොළවට නොවැටහුනොත් අතිශය විනාශකාරී තත්වයකට ඔවුන් මෙන්ම ඔවුන්ගේ රටවල්ද පත් විය හැකිය. මෙතෙක් කල් තමන්ගේ නියම ස්වාමියා සහ ආරක්‍ෂකයා එක්සත් ජනපදය යැයි අරාබි පාලකයන් සිතා සිටි නමුත් එක්සත් ජනදපයේ ප්‍රමුඛතාවය ඉශ්‍රායේලය ආරක්ෂා කිරීම මිස ඊනියා අරාබි සහචරයින් රැකීම නොවන බව පැහැදිලි වී පසුව තත්වය එයින්ද ඔබ්බට ගොස් ඉස්රායේලය තබා තමන්වම ඉරාන ප්‍රහාරවලින් ආරක්‍ෂා කරගන්නට එක්සත් ජනපදයට නොහැකි බව සනාථ වී ඇත.

ගාසාවෙහි ඉස්රයේලය මුදා හැරි ජන සංහාරයට ඉරානය සිදු කරමින් සිටින පලිගැනීම සම්බන්ධයෙන් මෙන්ම ලොව විවිධ අසරණ රටවලට අයුත්තිසහගත ලෙස චණ්ඩිකම් පෙන්වමින් සිටි ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව නිර්භීතව නැගී සිටීම ගැනද ගල්ෆ් රටවල ජනයා ඉරානය විෂයයෙහි ඉතා සතුටු වන බව පැහැදිලිය. මෙනිසා ගල්ෆ් රටවලට අද නියම වීරයා වී සිටින්නේ ඉරාන බවද දුෂිත අරාබි පාලකයින් වටහා ගත යුතුය. පලස්තීනයට ඉස්රායේලය සහ ඇමරිකාව සිදු කළ දැවැන්ත අපරාධ විෂයයෙහි අරාබි පාලකයන් ආත්මාර්ථකාමී ලෙස මුනිවත රැක්කේ තමන්ගේ පැවැත්ම වෙනුවෙන් බව එම ගල්ෆ් රටවල ජනයා දන්නා නිසා එම ජනයා සිය පාලකයන් සම්බන්ධව සිටින්නේ දැඩි පිළිකුලෙන් සහ කෝපයෙනි. මහා ඉශ්‍රායේලය සිහිනය යුදෙව්වන්ට යතාර්ථයක් කරනු පිණිස ලිබියාව, සුඩානය, සෝමාලියාව, ලෙබනනය, සිරියාව, යේමනය, ඉරාකය සහ දැන් ඉරානය යන රටවල යුධ ගැටුම් ඇති කරන්නට එක්සත් ජනපදයට සහ ඉස්රයේලයට තම පාලකයන් උල්පන්දුම් ඇල්ලු බව ගල්ෆ් රටවල ජනයා දනිති. එනමුත් ඔවුන් නිහඬව සිටින්නේ පාලකයන්ට ඇති බිය නිසාය.

එක්සත් ජනපදය මත රඳා පැවතීමෙන් ඉවත් වීම

එක්සත් ජනපදය මත තමන් රැකෙන හෙයින් මැද පෙරදිගින් ඉවත් වන මෙන් එක්සත් ජනපදයට බල කිරීමට ඨක්‍ක්‍ රටවල දුෂිත රජවරුන්ට නොහැකිය. සෞදි අරාබිය තම රටේ ඇති විය හැකි අභ්‍යන්තර කැරැලිවලින් තම රාජාණ්ඩුව ආරක්ෂා කර ගැනීමට සහ එහි තෙල් සම්පත සුරක්ෂිත කර ගැනීමට එක්සත් ජනපදය මත සම්පූර්ණයෙන්ම රඳා පවතියි. එනමුත් අසල්වැසි රටවල් තමන්ට එරෙහි වී බාධක දැමු විට උදව් සඳහා සම්පුර්ණයෙන්ම එක්සත් ජනපදය දෙසට හැරුනේ නැත. අන් ගල්ෆ් රටවල් මෙන් නොව කටාරය ගත් කළ එම රට එක්සත් ජනපදය වෙත පුර්ණ විශ්වාසය තබන බවක් නොපෙනේ. මේ අනුව එක්සත් ජනපදය කිට්ටු කර ගැනීම නිසා අපේක්‍ෂිත රැකවරණයට වඩා තමන්ට ඇති වී ඇත්තේ විනාශයක් බව දැන් ගල්ෆ් රටවලට පෙනී ගොස් ඇත. මෙනිසා එක්සත් ජනපද ආධිපත්‍යයෙන් ඉවත් වී ඉරානයට සමීප වීමට කටයුතු කිරීම ගල්ෆ් රටවලට නැණවත් පියවරක් වනු ඇත.

අද තිබෙන යුද්ධය දිගටම පැවතුනහොත් සහ ගල්ෆ් රාජ්‍යයන්ට අඛණ්ඩව ඉරානය පහර දුන්නොත් එම රටවල ප්‍රධාන ආදායම් මාර්ග වන තෙල් නිෂ්පාදනය නතර වී සංචාරක ව්‍යාපාරයද අඩාල වනු ඇත, එයට අදාල කර්මාන්ත සහ වෙළෙඳාම්ද වැසී යනු ඇත, මුහුදු ජලයෙන් ලවණ ඉවත් කරන හා විදුලි බලාගාරවලට ඉරානය බෝම්බ හෙළුවහොත් ජලය සහ විදුලියද නොලැබී යනු ඇත, ජලය හා ආහාර හිඟය නිසා එම රටවල ආර්ථිකය පමණක් නොව පැවැත්ම පවා ප්‍රශ්නාර්ථයක් වනු නියතය.

තම දූෂිත පාලකයන් කෙරෙහි කෝපයෙන් සිටින ගල්ෆ් රටවල වැසියන් කැරැල්ලක් සඳහා කලක සිටම පිපාසයෙන් සිටිති. ගාසා ජන සංහාරය පිළිබඳ තම පාලකයන්ගේ නිහීන ස්ථාවරය, එක්සත් ජනපදයට වහල් වීම, යුදෙව්වන්ට වක්‍රව සහ සෘජුව ගැතිකම් කිරීම ආදිය නිසා තම පාලකයන් කෙරෙහි ඇතිව තිබෙන නොසතුට අවස්ථාවක් ලැබු විගස දැවැන්ත අරගල ලෙස ගල්ෆ් කලාපය පුරා පිපිරී යනු ඇත. එවිට එක්සත් ජනපදය සිතන අන්දමට රෙජීම් වෙනසක් ඇති වනු ඇත්තේ ඉරානයේ නොව නොසිතූ පරදි අරාබි රටවලය.

ගල්ෆ් රටවල එක්සත් ජනපද හමුදා තිබීම එම රටවලට ආරක්ෂාවක් ලබා නොදෙන බව සහ එය අහක යන බෝම්බ ඇද ගන්නා කාන්දමක් වනු ඇත යැයි ලොව සුප්‍රකට වියතෙකු හා කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෙෆ්රි සැක්ස් පවසා ඇත.
මෙවන් තත්වයක අරාබි පාලකයින් බුද්ධිමත්ව සිතා ඉක්මනින් ක්‍රියා කිරීමට කාලය පැමිණ තිබේ.

(නීතිඥ මාස් එල් යුසුෆ් (ගෞරව) එක්සත් රාජධානිය, හිටපු සමාගමික සහ නීති උපදේශකවරයෙකි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here