සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

0
31

රැදවුම් නියෝග යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරේ.

ඒ අද (2) ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

2006 වසරේ දී නැගෙනහිර පළාතේ උපකුලපතිවරයෙකු අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලදී නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තෙක් මෙලෙස ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.