හෝමාගම සහ අවට ප්‍රදේශ වලට පැය 24ක ජල කප්පාදුවක්

0
4

පාදුක්ක, හෝමාගම, පැලැන්වත්ත යන ප්‍රදේශවලට අදිරය වශයෙන් පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

ඊට හේතුව ලබුගම කලටුවාව ජලාශයන්වල ජල නිෂ්පාදනය සීමාවීම හේතුවෙනි.

ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට අද (02) රාත්‍රි 8.00 සිට හෙට (03) රාත්‍රි 8.00 දක්වා පැය 24ක ජල කප්පාදුවක් සිදු කෙරෙනු ඇත.

ඉන් අනතුරුව එම ප්‍රදේශ සඳහා දින හතරක කාලයක් සඳහා අඛණ්ඩව ජලය සැපයීමට කටයුතු කරයි.

නැවතත් අප්‍රේල් මස හත්වෙනිදා පාදුක්කට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

අප්‍රේල් මස තුන්වෙනිදා රාත්‍රි 8.00 සිට හතරවෙනිදා රාත්‍රි 8.00 දක්වා පැය 24ක කාලයක් හෝමාගම ප්‍රදේශයට ජල කප්පාදුවක් සිදු කරනු ඇත.

‍එම ප්‍රදේශයට දින හතරක් අඛණ්ඩව සැපයීමට පියවර ගන්න බවත් අනතුරුව ඒ ප්‍රදේශ සඳහා යළිත් අටවෙනිදා ජල කප්පාදුවක් සිදු කරන බව දිස්නා පන්නිල මහත්මීය ප්‍රකාශ කළාය.

අප්‍රේල් මස හතරවෙනිදා රාත්‍රි 8.00 සිට පස්වෙනිදා රාත්‍රි 8.00 දක්වා පැය 24ක කාලයක් පැලැන්වත්ත ප්‍රදේශයට ජල කප්පාදුවක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.

ඉන් අනතුරුව දින 4ක් අඛණ්ඩව එම ප්‍රදේශවලට ජලය ලබා දෙන බවත් නැවතත් 9වෙනිදා යළිත් එම කලාපයට ජල සැපයීම අත්හිටුවනු අත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here