දකුණු ආසියානු කලාපයේ පළමු 4D ඇන්ජියෝ CT පද්ධතිය සහිත ඒකකය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලට

0
7

මෙම 4ඇන්ජියෝ CT පද්ධතිය සහිත ඒකකය අති නවීන තාක්ෂණයෙන් යුක්ත වන අතරමෙරට රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් පද්ධතියේ හෝ දකුණූ ආසියානු කලාපයේ කිසිඳු රෝහලක මෙවැනි අති නවීන තාක්ෂණයෙන් යුත් 4ඇන්ජියෝ CT පද්ධතියක් මෙතෙක් ස්ථාපිත කර නොමැත.

මෙම යන්ත්‍රය සඳහා ජපන් රජය වැයකරන ලද මුදල රුපියල් මිලියන 925 කි.

අංග සම්පූර්ණ නවීන දන්ත සෞඛ්‍ය ඒකකය (Dental Health Unit) දන්ත පුටු (Dental chairs) 10 කින් සමන්විත වන අතරමේ සදහා ජපන් රජය වැයකර ඇති මුදල රුපියල් මිලියන 91 කි.

මෙතෙක් රෝහල තුළ දන්ත ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කර නොතිබුණ අතර නව ඒකකය විවෘත කිරීමත් සමග ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාවට විශාල සහනයක් සැලසෙනු ඇත.

මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ජපන් රජය රුපියල් මිලියන 1016 ක මුදලක් වැයකර ඇත.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම 4D CT  ඇන්ජියෝ පද්ධතිය දකුණු ආසියානු කලාපයේම තිබෙන පළමු යන්ත්‍රය බවත්රජයේ සහ පෞද්ගලික රෝහල් අංශයේ ද තවම පවතින්නේ 3යන්ත්‍ර බව ද  පැවසීය.

මෙම යන්ත්‍රය ජයවර්ධනපුර රෝහලේ උරුමයක් වූවත් මෙම යන්ත්‍රය රටටම හිමිකම ඇති දෙයක් බව ද සදහන් කර සිටියේය.

දකුණු ආසියානු කලාපයටම විශේෂ වූ මෙම 4D CT Angio යන්ත්‍රය භාවිතා කර උපරිම පැය ගණනක් ප්‍රතිකාර සේවයේ යොදවමින් මෙරට රෝහල් පද්ධතියේ තිබෙන ගැටළුවලට විසදුම් ලබා දිය යුතු බව සදහන් කළ අමාත්‍යවරයා  මේ සදහා කාර්ය මණ්ඩලය අවශ්‍ය වේ නම්  ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ විශාල වෛද්‍ය උපකරණ ප්‍රමාණයක් තිබෙන බවත්එම උපකරණ එම ආකාරයෙන්ම භාවිතා නොවන බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here