දෙස් විදෙස් දේවධර්මාචාර්ය, පාලි අභිධර්මය සහ බෞද්ධ අධ්‍යයනය පිළිබද විශාරද ජේසු නිකායික ගරු අලෝසියස් පීරිස් පියතුමාගේ අභාවය පිළිබදව අප ආයතනයේ බලවත් ශෝකය හා සංවේගය ප්‍රකාශ කර සිටිමු.
අන්තර් ආගමික අවබෝධය හා සමාජ සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් වශයෙන් මිනිස් වටිනාකම් ඉහළ නැංවීම, අන්තර් ආගමික සංවාද දිරිගැන්වීම, අයුක්තිය හා අසාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම, බහු ආගමික හා බහු සංස්කෘතික සමාජ තුළ සාමය හා සංහිඳියාව ඇති කිරීම යනාදියෙහි ගරු ඇලෝසියස් පීරිස් පියතුමාගේ මහඟු කැපවීම හා දායකත්වය අපි අගය කරමු.
තුලන පර්යේෂන මධ්‍යස්ථානය වෙත අප ආයතනයේ සිසුන් සමග පියතුමානන්ව බැහදැකීමට ගිය මොහොතේ අප හට ලබාදුන් උපදෙස් , ශාස්තීය දැනුම, සුහදශීලී සාකච්ඡාව සැමදා මතකයේ රැදෙනු ඇත.
තන්වීර් ආයතනය – තිහාරිය, ශ්‍රී ලංකාව.

