පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා බැට කන රාජ්‍ය නිලධාරීන්

0
4

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 147 දෙනෙක් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් නිවාස 147ක් ලබාදීමට විරුද්ධව හිටපු කොළඹ මහා නගර සභා මන්ත්‍රී සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරී එම්.එන්.එම්. ෂාම් නවාස් මහතා විසින් ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළේය.

එම පැමිණිල්ල 2022 වසරේ ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසමේ ගොනුකළ පැමිණිල්ලකි.

එම පැමිණිල්ලේ සඳහන් පරිදි ඉකුත් අරගල කාලයේදී නිවාස වලට හානිවූ බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 147 දෙනෙකු සඳහා නාගරික නිවාස සංවර්ධන අධිකාරියට අයත් වියත්මග සහ වියත්පුර යන නිවාස ව්‍යාපෘති වලින් එකී පාර්ලිමේන්තු මන්ත්‍රී වෙතට නිවාස ලබාදීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවසඳහන් වේ.

එයට හේතුව එම වකවානුවේදීම අලුත්ගම, දිගන ප්‍රදේශවල ඇති වූ කලකෝලාහල වලදී ඉතා ව්‍යසනකාරී තත්වයන්ට මුහුණ දුන් ජනතාවගේ නිවාස සහ දේපලද විනාශවී තිබූ අතර ඔවුනට එම අලාභ හානියට සරිලන පරිදි වන්දියක් හෝ අලාභයක් නොගෙවූ නාගරික නිවාස සංවර්ධන අධිකාරිය මෙලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට අලාභ හානි වූ විට ඊට නිවාස ව්‍යාපෘති වලින් නිවාස ලබාදීම කණගාටුදායක තත්ත්වයක් වීමයි.

රටේ සාමාන්‍ය ජනතාව අමතක කර මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 147 දෙනෙකුට රජයේ නිවාස ව්‍යාපෘති වලින් නිවාස ලබාදීම නොවටිනාදෙයක් බවද මෙම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

තවද මෙම පැමිණිල්ල විභාග කිරීමට අවුරුදු 4ක් වැනි කාලයක් ගතවී ඇති නාගරික නිවාස සංවර්ධන අධිකාරිය මේ දක්වා කිසිදු පිළිගත හැකි පිළිතුරක් නොලැබීම හාස්‍ය ජනක බවත් හිටපු කොළඹ මහා නගර සභා මන්ත්‍රී එම්.එන්.එම්. ෂාම් නවාස් මහතා අවධාරණය කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here