2026 ICC පිරිමි විස්සයි 20 ලෝක කුසලානය ජයග්‍රහනයෙන් පසුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) ඉන්දීය කණ්ඩායමට රුපියල් කෝටි 131 ක මුදල් ත්‍යාගයක් ප්‍රකාශයට පත් කර තිබේ.
අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ පැවති අවසන් මහා තරඟයේදී නවසීලන්තය පරාජය කිරීමෙන් පසු ඉන්දියාව කීර්තිමත් කුසලානය ඔසවා තැබූ අතර, ශූරතාව සාර්ථකව ආරක්ෂා කර ගනිමින් තරඟාවලියේ ඉතිහාසයේ ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානය රඳවා ගත් පළමු කණ්ඩායම බවට පත්විය.
මෙම ජයග්‍රහණයත් සමඟ, ඉන්දියාව තුන් වතාවක් ICC පිරිමි විස්සයි20 ලෝක කුසලානය දිනාගත් පළමු කණ්ඩායම බවට පත් වූ අතර, ආකෘතියේ ඉතිහාසයේ වඩාත්ම සාර්ථක කණ්ඩායම් අතර ඔවුන්ගේ ස්ථානය තවදුරටත් තහවුරු කළේය.
“මෙම ඓතිහාසික ජයග්‍රහණය පිළිබඳව ක්‍රීඩකයින්ට, සහායක කාර්ය මණ්ඩලයට සහ තේරීම් කමිටුවට මණ්ඩලය නැවත වරක් සුබ පතන අතර අනාගතයේදී ඔවුන්ට අඛණ්ඩ සාර්ථකත්වයක් ප්‍රාර්ථනා කරයි,” BCCI නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

