“රාමසාන් ආලෝකය සහ සහෝදරත්වයේ බැඳීම්” නමින් සම් සම් පදනමේ 2026 ඉෆ්තාර් වැඩසටහන

0
4

රාමසාන් සමයේ ආශීර්වාද ලත් ආලෝකය මධ්‍යයේ කොළඹදී එකමුතුකමේ සහ දයානුකම්පාවේ සන්ධ්‍යාවක් ඊයේ (03)පැවැත්විණි. මෙහි විශේෂත්වය වන්නේ මෙම ඉෆ්තාර් වැඩසටහනට ඉස්ලාම් භක්තිකයින්ට වඩා අන් ආගම්වල සහෝදර සහෝදරියන් වැඩි වශයෙන් සහභාගී වී සිටීමයි.

මෙම වැඩසටහන එකමුතුව ගත් ඉෆ්තාර් ආහාර වේලකට වඩා වැඩි යමක් වූ අතර, එය සමගිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ එකිනෙකා හඳුනා ගනිමින් ගත කළ මානුෂික සැමරීමක් විය.

මෙහිදී රසවත් විරිඳු ගායනයක් මෙන්ම “සහෝදරත්වයේ බැඳීම්” ගැන සියළු ආගමික නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් හරවත් සාකච්ඡාවක්ද පැවැත්වීම කැපී පෙනුණි.

විවිධ ආගමික නියෝජිතයින්, වෘත්තිකයන්, ප්‍රජා සාමාජිකයින් සහ මිතුරු මිතුරියන් එකමුතුව ගතකළ මෙම පැය කිහිපය සහජීවනයේ, සහයෝගීතාවයේ සහ සහෝදරත්වයේ කල් පවතින බැඳීම්වලින් සමාජයට හොඳ පණිවිඩයක් ලබාදීමට සමත් විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here