ශ්‍රි ලංකා – ජාතික අන්තර් ආගමික පූජක එකමුතුවේ නියෝජිතයින් ඉන්දුනීසියානු තානාපතිනිය හමුවෙයි.

0
2

ශ්‍රි ලංකා – ජාතික අන්තර් ආගමික පූජක එකමුතුවේ ගරු සභාපති පූජ්‍ය ආචාර්ය ශාස්ත්‍රරපති ගලගම ධමිමරංසි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සර්ව ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඉන්දුනීසියානු තානාපතිනි ගරු දෙවි ගුස්ධිනා ටොබින්ග් මහත්මිය සමග ශ්‍රි ලංකාව සදහා ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේදී පසුගිය 25 වනදා පැවැත්විණි.

මෙම සාකච්ඡාවට පූජ්‍ය ආචාර්ය සාස්ත්‍රරපති ගලගම ධම්මරංසි නායක ස්වාමීන් වහන්ස, ආචාර්ය සිව ශ්‍රී ඛාබු ශර්මා කුරුක්කල්තුමා, අල්-හාජ් අශ්-සෙය්යිද් ආචාර්ය හසන් මව්ලානා අල්-කාදිරි පූජකතුමා, ගරු අගරදගුරු ප්‍රින්ස් ජෙ. ඥානරාජා පියතුමා, සහායරාජා අන්තෝනි සුවාමි ඇතුළු බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගම් නියෝජනය කරමින් සියලුම ආගමික නායකයින් සහභාගිවුහ.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර ආගමික සහජීවනය සහ සංහිඳියාව ගොඩනැගීම සඳහා අන්තර් ආගමික සංවිධානවල වැදගත් කාර්යභාරය සම්බන්ධයෙන්, එහි සවිස්තරාත්මක සැලසුම් පිළිබඳව විශේෂයෙන්ම මෙම හමුවේදී සාකච්ඡා කෙරිණි, මෙම සාකච්ඡාවට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ සමාජ හා සංස්කෘතික කටයුතු පිළිබඳව උපදේශක යාදි සුරියාහාදි මහතාද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here