රම්‍ය ලංකා සංවිධානය හා ශ්රී ලංකා ජමාඅතේ ඉස්ලාමී සංවිධානය ඒකාබද්ධව සංවිධානය කරන ලද “ඉෆ්තාර් මිත්රත්ව හමුව – 2026” වැඩසටහන 2026 පසුගිය 24 වනදා කොළඹ පිහිටි ජමාඅතේ ඉස්ලාමි දාරුල් ඊමාන් ශ්රවණාගාරයේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.
මෙම අවස්ථාවට රටේ ප්රධාන පෙළේ සිවිල් සංවිධාන හා රාජ්ය ආයතන නියෝජිතයින් සහභාගී වීම විශේෂත්වයක් විය. විවිධ ක්ෂේත්රයන්හි සමාන අරමුණු වෙනුවෙන් ක්රියාත්මක වන ආයතන අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම, මහජන සේවාවන් ඉටු කිරීමේදී ඒකාබද්ධව කටයුතු කිරීම හා සංවිධාන අතර දිගුකාලීන මිත්රත්වයක් ගොඩනඟා සංසදයක් ලෙස ක්රියා කිරීම මෙම හමුවේ ප්රධාන අරමුණ ලෙස අවධාරණය කෙරිණි.
තවද, මුස්ලිම් බැතිමතුන්ට විශේෂ වටිනාකමක් ඇති රමසාන් මාසය, සුද්ධ වූ අල් කුර්ආනය පහළ වූ මාසය ලෙස සැලකෙයි. එබැවින් මානව හිතකාමී හා සමාජ මෙහෙවර කටයුතු ශක්තිමත් කිරීම සඳහා අල් කුර්ආනය තුළ අන්තර්ගත වූ උගත් පාඩම් සහ මඟපෙන්වීම් පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණි.