ලොවක් වසඟ කළ චීන සංස්කෘතික උළෙල

0
1

මෙවරත් චීන සාම්ප්‍රදායික අවුරුදු උදාව පිළිගත්තේ චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කළ අලංකාර වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගයකිනි.

1983 වසරේ සිට චීන මාධ්‍ය සමූහය සෑම වසරකම නව වසර උදා වන මොහොතේ මෙම කලාත්මක ප්‍රසංගය පවත්වන අතර එය ලොව වැඩිම පිරිසක් සජීවිව නරඹන රූපවාහිනී වැඩසටහන ලෙස ද එය වාර්තා අතරට එක් වේ..

නව අවුරුදු උදාව පිළිගනිමින් මෙවර පැවැත්වුණ ප්‍රසංගය ලොව පුරා 200 කට අධික රටවල් සහ කලාපයන්හි මාධ්‍ය ආයතන 3000 කට ආසන්න සංඛ්‍යාවක් ඔස්සේ විකාශය කෙරුණා. එමෙන්ම CGTN ජාලයේ ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි, රුසියානු නාලිකා සහ භාෂා 82 ක මාධ්‍ය වේදිකා ද සම්බන්ධ වී එම ප්‍රසංගය විකාශය සහ වාර්තා කිරීම සිදු කෙරුණි.

මෙවර වසන්ත උත්සව ප්‍රසංගයට චීන නැටුම් ගැයුම්, ඔපෙරා, සටන් කලාවන් මෙන්ම අපූරු මානවරූපි රොබෝ නර්තන වැනි විශේෂාංග ද එක් කර තිබුනේ චීන සංස්කෘතියේ අනන්‍ය චමත්කාරය විදහා දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here