තායිලන්තයේ පැවති 02 වන ජාත්‍යන්තර ජනකළා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක්.

0
3

තායිලන්තයේ පැවති 02 වන ජාත්‍යන්තර ජනකළා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ” මාත්‍රා” නර්තන කණ්ඩායම එම උළෙලේ ප්‍රථම ස්ථානයට පත් වෙමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූහ.

ඔවුන් එම ජයග්‍රහණයත් රැගෙන ඊයේ (08) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම ජනකළා උළෙල ලෝකයේ රටවල් 05 ක සම්ප්‍රදායික ජනකළා කණ්ඩායම් 10 ක ගේ සහභාගීත්වයෙන් ඉකුත් 03 වන දින සිට 08 වන දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පවත්වා තිබුණි.

එහිදී මෙම උළෙලේ හොදම නර්තන ශිල්පිනියට හිමි රන් පදක්කම ” මාත්‍රා ” නර්තන කණ්ඩායමේ මල්කි ඉමාෂා සහ හොදම නර්තන ශිල්පියාට හිමි රන් පදක්කම , මෙම නර්තන කණ්ඩායමේ මධුක කවිෂාන් විසින් ද දිනා ගැනීමට සමත් වී තිබුණි.

“මාත්‍රා” නර්තන කණ්ඩායම මෙම ජයග්‍රහණය හිමි කර ගැනීම සදහා උඩරට, පහතරට සහ සබරගමු නැටුම් සම්ප්‍රදායන්ගේ සංකලනයක් සහිත නර්තන නිර්මාණයක් ඉදිරිපත් කර තිබුණි.

මෙම ජයග්‍රහණයන් රැගත් මාත්‍රා නර්තන කණ්ඩායම 02/08 දින රාත්‍රී 09.50 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1173 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සදහා මාත්‍රා නර්තන කණ්ඩායමේ ශිල්පීන්ගේ දෙමාපියන් මෙන්ම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ජනකළා පිළිබද සංවිධානයේ සභාපති තරිදු ධනංජය මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

( කටුනායක ටී.කේ.ජී.කපිල )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here