ශ්‍රී ලංකා – බෙල්ජියම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය සුසිල් රණසිංහ තේරී පත් වෙයි

0
14

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – බෙල්ජියම් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා තේරී පත් විය.

මෙම සංගමය දසවැනි පාර්ලිමේන්තුව සඳහා පිහිටුවීමේ පසුගිය 21 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ බෙල්ජියම් කොන්සල්වරයා වන කොන්රාඩ් ප්‍රින්ගර්ස් (Koenraad Pringiers) මහතා ගෞරවනීය
ආරාධිත අමුත්තා ලෙස රැස්වීමට සහභාගී විය. අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනි නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය සංගමයේ ලේකම් ධුරයට තේරී පත් වූ අතර, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පද්මසිරි බණ්ඩාර සහ ජී.ජී. පොන්නම්බලම් යන මහත්වරු සංගමයේ සම භාණ්ඩාගාරික ධුරයට තේරී පත් වූහ.

මෙම හමුව අතරතුර, දෙපාර්ශ්වයම ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාවය මත පදනම් වූ දිගුකාලීන හා මිත්‍රශීලී සබඳතා සිහිපත් කළහ. පාර්ලිමේන්තු කටයුතු සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම අවධාරණය කරමින්, දෙපාර්ශ්වයම උනන්දුවක් දක්වන බහුවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ පියවර සම්බන්ධයෙන් ද සාකච්ඡාවලදී අවධානය යොමු විය.

එසේම මෙම රැස්වීමට පෙර, බෙල්ජියමේ ගරු කොන්සල්වරයා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූ අතර, එහිදී ද ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here