ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි මහතා මෙරට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

0
103

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි මහතා හා මෙරට ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා ඊයේ (07) කොළඹ පිහිටි ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී හමු වී තිබේ.

ඊයේ මෙරටට පැමිණ ඇති ඉන්දීය යුද හමුදා ප්‍රධානී ප්‍රමුඛ දුත පිරිස මෙලෙස ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවී ඇත.

මෙහිදී ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිය කාර්යාලය වෙත පැමිණි ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් උපේන්ද්‍ර ද්විවේදි ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව දෙපාර්ශවය අතර සුහද සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී අසල්වැසි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික, සංස්කෘතිකමය සහ ශිෂ්ටාචාරමය සබඳතා දෙපාර්ශවය විසින්ම යළිත් තහවුරු කර ඇත.