ජර්මන් තාක්ෂණික විද්‍යාලය හා සමාන තවත් නවීනතම කාර්මික විද්‍යාලයක්

0
18

NEWSNOW | – ශ්‍රී ලංකාවේ දැනට පවතින ජර්මන් තාක්ෂණික විද්‍යාලය හා සමාන තවත් නවීනතම කාර්මික විද්‍යාලයක් පිහිටුවීම සදහා , ජර්මානු ආයෝජකයින් පිරිසක් 01/05 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පසුගියදා ජර්මනියේ සිදු කළ සංචාරය අතරතුර දී , මෙම ජර්මාණු ආයෝජකයින් පිරිස , ජනාධිපතිවරයා සමග මේ පිළිබද මූලික සාකච්ඡා පවත්වා තිබුණි. එහි දිගුවක් ලෙස මෙම ජර්මන් ආයෝජකයින් පිරිස මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.

06 දෙනෙකුගෙන් යුතු මෙම ජර්මන් ආයෝජකයින් පිරිසෙහි නායකත්වය මහාචාර්ය තෝමස් හොල්ඩ්නර් මහතා විසින් හොඹවනු ලබන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ දින 14 ක කාළයක් රැදී සිටීමට සැළසුම් කර තිබේ.

මොවුන් මීට අමතරව , ජර්මනියේ සමස්ථ ජනගහනයෙන් 65% ක් වැඩිහිටියන් වන අතර ඔවුන් රැක බලා ගැනීම සදහා සාත්තු සේවිකාවන් ලෙස යුරෝ 2,000 ක , එනම් රුපියල් ලක්ෂ හතක පමණ ඉහළ වැටුපකට මෙරට කාන්තාවන් එරටට යොමු කිරීමේ ව්‍යාපෘතියක් ද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.

මෙම ජර්මන් ආයෝජකයින් පිරිස 01/05 දින උදෑසන 10.00 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ජර්මනියේ සංචාරක කර්මාන්තය පිළිබද කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කරන ජයදේව සුදුසිංහ මහතා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here