ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සඳහා වියළි සලාක බෙදාදීම අල් හිජ්රා මහා විද්‍යාල පරිශ්‍රයේදී

0
101

Al ඉහ්සාන් සමාජ සේවා සංවිධානය විසින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සඳහා වියළි සලාක ද්‍රව්‍ය පසුගියදා කොළොඹ 10, අල් හිජ්රා මහා විද්‍යාල පරිශ්‍රයේ කොළඹ, මහනුවර, නුවරඑළිය සහ අනෙකුත් ප්‍රදේශ සඳහා බෙදා හරින ලදී.

ඉහ්සාන් සමාජ සේවා සංවිධානය පසුගිය වසර 13ක් තුළ අසරණ අනාථ දරුවන්ට සහ වැන්දඹුවන්ට සමාජ සත්කාර සේවය කරමින් සිටින්නේය.

මෙම ව්‍යාපෘතිය සංවිධානයේ අධ්‍යක්ෂක නිස්තාර් අනිස් මහතාගේ මඟ පෙන්වීම යටතේ පැවැත්විණි.

එහි ආරම්භයේ මෙම සංවිධානය විසින් අසරණ අනාථ දරුවන්ට සහ වැන්දඹුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනය, ජල ළිං ඉදිකිරීම, වියළි සලාක සහ නොමිලේ අක්ෂි සහ වෛද්‍ය සායන සඳහා සහාය වීමේ සේවාවන් සපයා ඇත.

මෙම අවස්ථාවට කොම්පෙනිවීදිය රථ වාහන අoශයේ පොලිස් ස්ථානාධිපති රොෂාන් සමරවීර මහතා ඇතුලු පිරිස් සහභාගී වුහ.