නුවරඑලියට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රී කාලයේ රථවාහන ධාවනය නොකරන ලෙස ඉල්ලීමක්

0
52

NEWSNOW | – නුවරඑලියට පිවිසෙන කිසිදු මාර්ගයක රාත්‍රී කාලයේ රථවාහන ධාවනය නොකරන ඉල්ලීමක් කෙරේ.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ පස් කඳු කඩා වැටීමේ අවදානම තවදුරටත් පවතින බවයි.

ඊයේ (11) පස්වරුවේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍යට සාකච්ඡාවකදී ඇය මේ බව පැවසීය.

වාහන ධාවනයට විවෘත කරල ලද ගම්පොළ නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කටුකිතුල ප්‍රදේශයෙන් යළිත් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටී ඇති බවත්, පවත්නා කාලගුණය අනුව තවදුරටත් මාර්ගවලට පස්කදු කඩා වැටීමේ අවධානමක් පවතින නිසා එම තීරණය ගත් බවත් දිස්ත්‍රික් ලේකම්වරිය පවසයි.

‘දිට්වා’ සුළි කුණාටුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ආපදාවට පත් සියලු ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුලු පහසුකම් සලසා ඇති බවත්, ආපදාවට පත් සහ ආපදාවට පත් නොවූ ඇතැම් පිරිස් රජය අපහසුතාවට පත් කිරිමේ අරමුණින් සිදුකරන ඇතැම් ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවද ඇය මෙහිදී පැවසීය.