ආපදාවට ලක්වූ ආගමික ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා හජ් කමිටුවෙන් රුපියල් මිලියන 05ක පරිත්‍යාගයක්

0
133

පසුගිය දා හටගත් ස්වභාවික අපදාවේ බලපෑමට ලක් වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හජ් කමිටුව විසින් රුපියල් මිලියන 05ක මුදලක් ඊයේ (08) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය වෙත පරිත්‍යාග කෙරිණි.

ඊට අදාළ චෙක්පත හජ් කමිටුවේ සභාපති වරලත් ගණකාධිකාරී රියාස් මිහ්ලාර් මහතා විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වෙත භාර දුනි.

මෙම අවස්ථාවට ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම්. නවාස් සහ හජ් කමිටුවේ සාමාජික මහාචාර්ය එම්.එස්.එම්.අස්ලාම් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.