රන් මිල යළි ඉහළට

0
107

NEWSNOW | – ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ.

ලෝක රන් මිල මේ වන විට ඩොලර් 4,238 දක්වා ඉහළ ‍ගොස් ඇත.

මෙරට රත්‍රං මිල පසුගිය නොවැම්බර් මස 25 දිනට සාපේක්ෂව රුපියල් 5,500කින් අද දිනය වනවිට ඉහළ ගොස් ඇති අතර අද දිනය තුළ පමණක් රු 2,000කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 314,700ක් ලෙස දැක්වුණි.

මේ අතර පසුගිය නොවැම්බර් මස 25 වන දින දී රු. 336,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 342,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.