ඉදිරි පැය 48 තුළ කැළණි ගඟ ද්‍රෝණියට මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව, ඇහැළියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කැළණිය, වත්තල සහ කොළඹ ඇතුළු කැළණි ගං නිම්නයේ පහත් බිම්වල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවටයි සඳහන් වෙන්නේ.

