අයපහත් කාලගුණය හේතුවෙන් නොවැම්බර් 17 වන දා සිට 27 වන දා දක්වා මරණ 31ක් වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මෙම කාලය තුළ පුද්ගලයින් 14 දෙනෙකු අතුරුදන් වෙලා තිබෙනවා. පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
ගතවුණු කාලය තුළ නුවරඑළිය, බදුල්ල, මාතලේ, මහනුවර දිස්ත්‍රික්ක ආශ්‍රිතව මි.මී. 500 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක පවසනවා.
ඔහු සඳහන් කළේ නාය යාම් අවදානම් ඇති දිස්ත්‍රික්ක 14 ආශ්‍රිතව සිද්ධි 200ක් පමණ වාර්තා වී ඇති බවයි.

