කාම්බෝජයේ බස් රථයක් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය යයි.

0
140

NEWSNOW |- කාම්බෝජයේ අගනුවර වන ප්නොම් පෙන්හි බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය ගොස් තිබේ.

මෙම අනතුරින් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බස් රථයේ සිටි සියලුදෙනා කාම්බෝජ ජාතිකයන් බව ද එරට මාධ්‍ය සඳහන් කරයි.