NEWSNOW | – ජාතික සමගිය සදහා වන අන්තර් ආගමික සංවිධානයේ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳව සම සභාපති, කොළඛ අගරදගුරු අතිඋතුම් කාර්දිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්ගේ 78වන ජන්ම දිනය වෙනුවෙන් පසුගියදා (15) උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන්, ඛෞද්ධ, හින්දු සහ ඉස්ලාම් සර්ව ආගම නියෝජන කරමින්, සර්ව ආගමික නායකයන් වන, ශ්‍රි අත්ඛෝධි විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය සාස්ත්‍රපති ගලගම ධම්මරන්සි නායක හිමි, සොය්සාපුර ශ්‍රි රාජ රාජේශ්වරි පදනමේ ප්‍රධාන පූජක, සිව ශ්‍රි ආචාර්ය කලාපූෂනම් වැන්කධ සුඛ්රමනි කුරුක්කල්තුමා සහ ජාතික සමගිය සදහා වන අන්තර් ආගමික සංවිධානයේ මුස්ලිම් කටයුතු පිළිබඳව සම සභාපති, අල්-හාජ් අශ්-සෙය්යිද් ආචාර්ය හසන් මව්ලානා අල්-කාදිරි පූජකතුමා ඇතුළු සර්ව ආගමික නායකයන් පිරිසක් උන්වහන්සේගේ කොළඛ අගරදගුරු නිලනිවසට පැමිණී උන්වහන්සේට උපන්දින සුභපැතුම් එක්කළහ.

️එම අවස්ථාවේදී සර්වාගමික නායකයින් එක්ව ජාතීන් අතර සමඟිය මෙන්ම ආගමික සහජීවනය ශක්තිමත් කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවකට ද නිරත වී සිටියහ.

