” සුපර් මොඩ්ල් යුනිවර්ස් තරඟයෙන් ( Best National Costume) හිමි සම්මානය ශ්‍රී ලංකාවට ගෙන ආ සුදිනි සින්දවී වික්‍රමආරච්චි දිවයිනට.

0
17

NEWSNOW | – චීනයේ පැවති ” සුපර් මොඩ්ල් යුනිවර්ස් – 2025 ( Super Model Universe – 2025) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සුදිනි සින්දවී වික්‍රමආරච්චි , එහිදී ඇය ඉදිරිපත් කළ ඇදුම් නිර්මාණයට , එම තරගාවලියේ  “හොදම ජාතික ඇදුම”  ( Best National Costume) හිමි සම්මානය දිනා ගෙන අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ යළිත් මෙරටට පැමිණියාය.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 32 ක නිරූපන ශිල්පිනියන් ඉදිරිපත් වී සිටි අතර , එය ඉකුත් 11/10 දින සිට 11/16 දින දක්වා චීනයේ ෂෙන්ෂෙන් නුවර දී (Shenzhen ) පවත්වා තිබුණි .

මෙම තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 22 ක බරකින් යුතු , සීගිරි අප්සරාවියක් නිරූපනය වන ආකාරයට ඇය සිය ඇදුම් නිර්මාණය ඉදිරිපත් කර තිබුණි.

සුදිනි සින්දවී සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලයේ සංගීත ගෞරව උපාධිධාරිනියක වන අතර ඇය ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විශාරද උපාධියද හිමි කර ගෙන තිබේ . ඇය ගේය පද රචනය , තනු නිර්මාණය මෙන්ම චිත්‍රපට සහ ටෙලි නාට්‍ය පසුබිම් ගායනයට මෙන්ම ඒවායේ රංගනයට ද දායකත්වය සපයමින් සිටින්නීය.

ඇය චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 713 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඇය පිළිගැනීම සදහා ඇයගේ දෙමාපියන් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

(ටී.කේ.ජී. කපිල – කටුනායක)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here