අරුවක්කාලු පුරාවිද්‍යා භූමියට හානි කළ පෞද්ගලික සමාගමක විධායක අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්

0
1

NEWSNOW | – අරුවක්කාලු පුරාවිද්‍යා භූමිය තුළ පරිසර හානියක් සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පෞද්ගලික සමාගමක විධායක අධ්‍යක්ෂවරයා මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

ඒ ඔහු ඊයේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය මගින් සැකකරු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ පැය 12කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි.

වනාතවිල්ලුව ප්‍රදේශයේ ජනතාව විසින් පොලිස්පතිවරයා වෙත යොමු කරන ලද පෙත්සමකට අනුව වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here