NEWSNOW | – පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් අද (06) එරටට ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය.
ඒ, ‘කල්මේගි’ සුළි කුණාටුවෙන් පුද්ගලයන් 114 දෙනෙකු මිය ගොස් තවත් සිය ගණනක් අතුරුදන් වීමත් සමග බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙය මෙම වසරේදී පිලිපීනයට බලපෑ දරුණුතම ස්වභාවික ව්‍යසනය වේ.
දැනට පුද්ගලයන් 127 දෙනෙකු අතුරුදන්ව සිටියි. වැඩිම පිරිසක් අතුරුදන්ව ඇත්තේ දැඩි ලෙස හානි වූ මධ්‍යම පළාතක් වන සෙබූ (Cebu) වලිනි.
මෙම නිවර්තන සුළි කුණාටුව පෙරේදා වන විට පිලිපීන දූපත් සමූහයෙන් ඉවතට දකුණු චීන මුහුද දෙසට ගමන් කර තිබේ.
සිවිල් ආරක්ෂක කාර්යාලය පැවසුවේ, සුළි කුණාටුවෙන් මිලියන දෙකකට ආසන්න ජනතාවකට බලපෑම් එල්ල වී ඇති බවත්, ගම්වැසියන් 560,000කට අධික සංඛ්‍යාවක් අවතැන් වී ඇත.
එමෙන්ම 450,000ක් පමණ පිරිසක් හදිසි රැකවරණ කඳවුරු වෙත යොමු කර තිබේ.

