අදත් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

0
5
Torrential rain causing flood.

NEWSNOW | – අද(27) දිනයේ දිවයිනේ උතුරු, උතුරු – මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැකි බව දැනුම්දෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here