පස් කන්දකට යටවී පුද්ගලයෙකු මරු

0
153

NEWSNOW | –   පස්සර පොලිස් වසමේ ආගරතැන්න ප්‍රදේශයේ පතලක පස් කන්දක් කඩා වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

අද (15) අලුයම් කාලයේදී මෙම අනතුර සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ, පස්සර ප්‍රදේශයේ පදිංච සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු පතල් කැණීම් කටයුතුවල යෙදී සිටින අතරතුර මෙලෙස පස් කන්දක් කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

පස්සර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.