මලෛයගම් ප්‍රජාවේ නිවසක් සඳහා වන අයිතිය තහවුරු කරමින් 2000ක් සඳහා නිවාස හිමිකම්පත් ප්‍රදානය කරයි.

0
3

NEWSNOW| –   “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කිරීම උදෙසා හැටන් ප්‍රකාශනය අනුව යමින් මලෛයගම් ප්‍රජාවේ නිවසක් සඳහා වන අයිතිය තහවුරු කිරීමේ අරමුණින් ඉන්දු – ලංකා IV අදියරේ නිවාස 10000 වැඩසටහනේ ප්‍රතිලාභීන් 2000ක් සඳහා නිවාස හිමිකම්පත් ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට අද (12) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රිඩාංගණයේදී පැවැත්වුණි.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම ව්‍යාපෘතියේදී මෙන්ම මෙරට ජනතාවට වඩා යහපත් ආර්ථික සහ සමාජයීය ජීවිතයක් ලබා දීම සඳහා ඉන්දියානු රජය දක්වන අඛණ්ඩ සහාය වෙනුවෙන් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාට, එරට ජනතාවට සහ එම කාර්යය ශ්‍රී ලංකාව තුළ මෙහෙයවනු ලබන ඉන්දියානු මහ කොමසාරිස්වරයාටද ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කළේය.

වසර 202කට ආසන්න කාලයක් මහ පොළොව සමග පොර බඳිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් දායකත්වය සපයන මලෛයගම් ජන ප්‍රජාව මෙරට ඉතිහාසයේ පළමු වතාවට පසුගිය මහ මැතිවරණයේදී තම ඥාතීන් සහ අසල්වැසියන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගනිමින් අප වෙත තැබු අපේක්ෂා කිසිවිටෙකත් බිඳ වැටීමට ඉඩ නොතබන බවටත්, එම විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ට හිමි ආර්ථික මෙන්ම සමාජ ජිවිතයද දිනා දීමට කැපවී කටයුතු කරන බවටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here