ඩ්‍රෝනයානා භීතිකාවක් ජර්මනියේ මියුනිච් ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු නතර වෙයි.

0
17

NEWSNOW | –  මියුනිච් ගුවන් තොටුපළ කලාපය ආසන්නයෙන් ඩ්‍රෝන යානා නිරීක්ෂණය වීම හමුවේ ගුවන් මෙහෙයුම් කටයුතු නතර කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරයි.

ඒ අනුව මේ වන විට ගුවන් ගමන් වාර 17 ක් පමණ නතර කර ඇත. තවත් ගුවන් ගමන් 15ක් හරවා යවා තිබුණි.

මේ හේතුවෙන් මගීන් 3,000 කට පමණ බලපෑම් එල්ල වී ඇති බව සදහන් වේ.

අදාළ ඩ්‍රෝන යානා පිළිබඳව මෙතෙක් තහවුරු වීමක් සිදුව නොමැති අතර, හඳුනා නොගත් ඩ්‍රෝන යානා හේතුවෙන් පසුගිය සති කිහිපයේම යුරෝපය පුරා ගුවන් තොටුපළ කිහිපයක් වසා දමා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here