ශ්‍රී ලංකා සහ ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙක දිවයිනට

0
19

ලෝක  කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය (ICC Women’s Cricket World Cup – 2025 ) සදහා සහභාගී වීමට මෙතෙක් ඉන්දියාවේ පැවති තරග සදහා එරට රැදී සිටි ශ්‍රී ලංකා සහ ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම් දෙක මෙරට දී පැවැත්වෙන ඉදිරි තරග සදහා සහභාගී වීමට, විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් ඊයේ (01) දින රාත්‍රී 08.35 ට ඉන්දියාවේ ගුවාටි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී . – 522 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here