ජපානයේ නිල සංචාරයක නිම කරමින් ජනාධිපති දිවයිනට

0
140

NEWSNOW | – ජපානයේ නිල සංචාරයක නිම කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01)උදෑසන දිවයිනට පැමිණ තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගියේ සැප්තැම්බර් මස 22 වන දාය.

පසුව ජපාන රජයේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සැප්තැම්බර් මස 27 වනදා පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොස් තිබුණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.

ඒ අනුව සංචාරය නිම කරමින් ඔවුන් සියලුදෙනා අද උදෑසන 09.30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්-403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.