ගාසාව විෂයයෙහි අනුර රජයේ නිර්ලජ්ජී ස්ථාවරය – ස්වස්තික අරුලිංගම් සහ පසන් ජයසිංහ විසිනි

0
11

NEWSNOW |  –

වසරකට පෙර ජනබලවේග රජය තේරී පත් වූ විට බොහෝ දෙනෙකු බලාපොරොත්තුව වූයේ ගාසා තීරයේ පලස්තීන ජනතාවට එරෙහිව ඊශ්‍රායලය විසින් සිදු කරමින් සිටින සංහාරයට විරුද්ධ වීමට රජය පියවර ගනු ඇති බවයි. එනමුත් පත් වු දා සිට මෙම දැවැන්ත අර්බුදය විෂයෙහි අනුර රජය ගනිමින් සිටින්නේ එයට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයකි. පලස්තීනය පිළිබඳ වත්මන් රජයේ ස්ථාවරය සහ එය බලයට පත් වන්නට පෙර තිබු ස්ථාවරය දෙස බල විට එය ජාතියක් හැටියට ලාංකික අප සැම පත් කරන්නේ දැඩි ලැජ්ජාවකටය.

සුන්වු බලාපොරොත්තු

එයට පෙර තාවකාලිකව පැවති රනිල් වික්‍රමසිංහගේ කෙටි පාලන සමයෙහිද රනිල් මෙම අභිමානවත් රට සම්පූර්ණයෙන්ම මිනිමරු ඊශ්‍රායලය ඩොලර්වලට විකුණමින් සිටියේය. ඊශ්‍රායලයට ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයන් යැවීම, ඊශ්‍රායලයේ නව කොන්සල් කාර්යාලයක් කොළඹ විවෘත කිරීම, යුදෙව් මැර බලයට එරෙහිව දිවි නොතකා සටන් කරමින් සිටි හුති සටන්කාමීන්ට විරුද්ධව රතු මුහුදේ පැවති එක්සත් ජනපද නාවික මෙහෙයුම්වලට සහය දීම ආදි වශයෙන් රනිල් කළ නිහීන වැඩ නිමක් නැත. එවිට බලයට පත්ව නොසිටි ජනතා විමුක්ති පෙරමුණ හෙවත් වත්මන් රජය පිටුපස සිටින මෙහෙයුම් බලය, පලස්තීනය වෙනුවෙන් දැවැන්ත ලෙසින් හඬ නඟමින් සිටි බව අපට අමතක වී නැත.

නමුත් බලයට පත් වු පසු ජාතික ජනබලවේග රජයේ ස්ථාවරය උඩුයටිකුරු විය. රනිල් කළාටත් වඩා යහමින් අනුර රජය, දරුණු යුධ අපරාධ සිදුකරමින් සිටින ඊශ්‍රායලයට ලාංකික තරුණයන්ව පටවමින් සිටියි. එපමණක් නොව ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්හි සේවය කරමින් සිටි යුදෙව් යුධ භටයන්ව සංචාරකයන් ලෙස පිළිගනිමින් ඔවුන්ට සියලු සැප පහසුකම් සපයන්නටද අනුර රජය පසුබට වී නැත. ලොව බොහෝ රටවල් මෙම මරුවන්ව හෙළා දකිමින් ඔවුන්ගේ පැමිණීම තහනම් කරමින් සිටින තත්වයක යුදෙව්වන්ට අනුර රජය පුර්ණ ආරක්‍ෂාව ලබා දෙමින් සිටිනුයේ යුදෙව්වන් මෙහි සිදු කරමින් සිටින නීතිවිරෝධි ව්‍යාපාර ආගමික ස්ථාන අනවසරයෙන් ඉදිකිරීම ආදිය විෂයයෙහිද අහක බලමිනි.

අනුර රජය පවසන්නේ ආර්ථික වශයෙන් දැඩි සටනක යෙදී සිටින රටක් හැටියට ශ්‍රී ලංකාවට වෙනත් විකල්පයක් නොමැති බවයි. මුදල් වෙනුවෙන් නිහීන ජීවනෝපා කරන පිරිස් සිටින අතර ඔවුන් ජනසමාජයේ පිළිකුලට ලක් වන්නන්ය. එනමුත් රජයක් එසේ කටයුතු කිරීම ලැජ්ජා විය යුතු කරුණකි. අනෙක් අතට මෙම ආර්ථික තර්කයද වලංගු බාවය අහිමි කරමින් සිටියි. එනම් කිසිවෙකුට පරාජය කිරීමට හෝ පහර දීමට නොහැකි යයි පුරසාරම් දොඩම්න් සිටි ඊශ්‍රායලයට දැන් ඉරානය අම්බානක නෙලන හෙයින් එහි රැකියාවලට ගිය අපගේ තරුණයන්ගේ ජීවිතච දැන් දැඩි අනතුරකට ලක්ව ඇත.

මේ කිසිවක් ගැන කලබල නොවන වත්මන් රජය ලොව යන යන තැන ප්‍රශ්න ඇති කිරීම විෂයයෙහි ප්‍රකට හා අතිශය අහංකාර ඊශ්‍රායල ජාතිකයන් දිවයිනේ නීති විරෝධිව පවත්වාගෙන ව්‍යාපාරවලට මෙන්ම ඔවුන්ගේ එවන් අනවසර ආගමික ස්ථානවලටද පුර්ණ ආරක්ෂාව සපයමින් සිටියි. එපමණක් නොව ඊශ්‍රායලයට එරෙහිව විරෝධතා පවත්වනන්නන්ව හමුදාව යොදවා මර්ධනය කරමින් ඔවුන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනිමින් ඔවුන්ට නඩු පැවරීමටද රජය කටයුතු කරම්න් සිටියි.

මේ අතරම පලස්තීනය රටක් ලෙසින් පිළිගන්නට තමා සුදානම් බවද අනුර රජය නිළ වශයෙන් ප්‍රකාශ කර ඇත. රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කෙනෙකු වන බිමල් රත්නායක මහතා පලස්තීනය සමඟ සහයෝගීතාවය සඳහා වූ ශ්‍රී ලංකා කමිටුවේ
සම-සභාපති ලෙසද කටයුතු කරයි. රජයේ බොහෝ සාමාජිකයින් ප්‍රසිද්ධියේ පලස්තීනය සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කරමින් හා අනෙක් අතින් දෙබිඩි පිළවෙතක් අනුගමනය කරමින් මෙරටට පැමිණෙන යුදෙව්වන්ට බැලමෙහෙවර කරමින් සිටිති. මෙය නම් ජාතික ජනබලවේගය වැනි රජයකින් ජනතාව කිසිසේත් බලාපොරොත්තු නොවු රෑ ඩනියෙල් දවල් මිගෙල්’ නාඩගමකි.

Sri Lanka's new government struggles to increase public investment amid IMF constraints : Peoples Dispatch

මේ සැම බලන කල ගාසා තීරය විෂයයෙහි ජාතික ජනබලවේග රජය දක්වන ස්ථාවරය, රනිල් වික්‍රමසිංහ දැක්වු ආකල්පයක් වන එක්සත් ජනපදයේ ජගත් අතකොළුවක් වන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පදයට නැටීම මිස අන් කිසිවක් නොවේ. එම ආයතනයේ නිර්දේශ අනුගමනය කිරීම සාධාරණීකරණය කිරීමට අනුර රජය ඉදිරිපත් කරන තර්ක ඔවුන් විසින් හෙළා දුටු රනිල්ගේ තර්කවල නිවුන් සහෝදරයෙකු වැනිය. ජාතික ජනබලවේග රජය පවසන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් තමන්ගේ දෑත් බැඳ දමා ඇති බවත්, ශ්‍රී ලංකාව වැනි ණය බරින් මිරිකී සිටින දුගි දුපත් රාජ්‍යයකට ජාත්‍යන්තර ආයතනවලට චණ්ඩිකම් පෙන්වන්නට බැරි බවත්ය. මෙහි පැමිණෙන යුදෙව් සංචාරකයන්ට රජය දක්වන නිර්ලජ්ජී අනුග්‍රහයෙන්ම මෙය මනාවට කැපී පෙනේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල යනු ඇත්තෙන්ම ශ්‍රී ලංකාව වැනි අසරණ වු රටවල් ගැන කඳුළු සලනිදුක් ගන්නා රාළ’ කෙනෙකු නොවේ. මේ ඊනියා සංවිධානය වනාහී දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ සංවිධානයක් නොවන හා එක්සත් ජනපදය සහ බටහිර රටවල් විසින් ඔවුන්ගේම අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා බිහිකර පවත්වාගෙන යනු ලබන සංවිධානයකි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිර්දේශවලට යටත් වීම යනු, අකමැත්තෙන් වුවද, ඇමරිකාව සහ බටහිර රටවල කැමැත්තට යටත් වීමයි. මෙම තත්වය තුළ, මෙම සංවිධානයට අවනත වීම යනු අහිංසක ජනතාවට හිමි සහන කප්පාදු කිරීම සහ හිතට විරුද්ධව ක්‍රියා කිරීමයි. එමෙන්ම ඊශ්‍රායලයේ දරුණු යුධ අපරාධ සහ මිනිස් සංහාර නොදැක්කා වාගේ සිටීමයි. අනුර රජය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණයෙන්ම පිළිගැනීමට තීරණය කිරීම යනු ඊශ්‍රායලය වැනි ජන සංහාරක නීතිවිරෝධී රාජ්‍යයකට සහාය දීම ඇතුළු බටහිර භූ දේශපාලනික අරමුණු සඳහා සහය දීමට හිත හදා ගැනීමයි.

SRI LANKA Dissanayake's first budget includes economic reforms (in Tamil areas as well)

මේ සැම බලන කල පත් වී වසරක් යන්නට පෙරම ජාතික ජනබලවේග රජය සිය පතිවත කෙලසා ගෙන සිටින ආකාරය මනාවට කැපී පෙනේ. යටත් පිරිසෙයින් සංචාරක යුදෙව්වන් විෂයයෙහි රජය දරණ ස්ථාවරය හමුදාව යොදා ජනතාවට බලයෙන් කැවීම හෝ අනුර රජය නැවත්විය යුතුය. මේ සියල්ල බලන කල පැහැදිලි වන්නේ ආර්ථික ස්වෛරී බව කෙසේ වෙතත් ශ්‍රී ලංකව නොබැඳි ජාතියක්ව හෝ තවදුරටත් පවත්වා ගෙන යාමට පවා අනුර ඇතුලු නඩයට නොහැකි වී ඇති බවයි.

මෙම පසුබෑමෙන් පසු යූ ටර්න්’ එකක් ගසා පලස්තීනයට සහාය දෙන බව අගවන්නට ජාතික ජනබලවේග රජය වෑයම් කිරීම සැබවින්ම හාස්‍යජනකය. සමහර විට ණය බරින් මිරිකී සිටින තුන්වන ලෝකයේ රටක් ලෙස, අපට ආත්ම ගෞරවයක් තිබෙන වක් පෙන්වීම නොහැකිවා වන්නට පුළුවන. එසේම ආර්ථික ස්වාධීනත්වයක් ලබා ගැනීමට හෝ අධිරාජ්‍යවාදී, ජන සංහාරක ප්‍රචණ්ඩත්වයට විරුද්ධ වීමට නොහැකිවා වන්නටද පුළුවන. ඒ වෙනුවට අපගේ යටත් වීම වැඩිදුරටත් දැක්වීම අපගේම පුරවැසියන් අනතුරේ හෙළීමට පවා අපට සිදුව තිබෙන අතර මෙම තත්වය අතීතයේ සැමවිටම අධිරාජ්‍යවාදයට කුණු හබ්බෙන් බනිමින් සිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානීන් පාලනය කරන රජයක සිදුවීම දෛවයේ සරදමකි.

කන්බිහිරි කරන නිහඬතාවය

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණයේ අතීත කෙරුවා බලන කල එම පෙරමුණ තිරය පිටුපස සිටිමින් ගෙනයන රජයක් මෙතරම් නිර්ලජ්ජීත වීම එතරම්ම පුදුමයට කරුණක් නොවේ. කොටින්ට එරෙහිව අප රට පැවති දිගූ යුද්ධයේ අවසාන අදියරෙහිදී ජනතා විමුක්ති පෙරමුණ මහ හයියෙන් යුධ ඝෝෂා කරමින් බෙදුම්වාදී සටනට එරෙහිව ගත යුත්තේ දේශපාලනික තීරණයක් නොව හමුදාමය තීරණයක්ය යයි බල කරමින් සිටියේය. කොටින් පරදා යුද්ධය අවසන් පසුද වසර ගණනාවක තම එම ස්ථාවාරය ගැන ජනතා විමුක්ති පෙරමුණ උදම් අණමින් සිටිනු දැකිය හැකි විය. ජනතා විමුක්ති පෙරමුණේ මෙම ස්ථාවරය, එනම් වසර 16 කට පෙර වන්නියේ දෙමළ ජනතාවට ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද ම්ලේච්ඡ ක්‍රියා, රෝහල්වලට බෝම්බ හෙලීමට පෙර සිවිල් දමිළ ජනතාව ආරක්ෂිත කලාපවල වෙත ගාල් කිරීම ආදිය, ඊශ්‍රායලය අද ගාසා තීරයේ පලස්තීනුවන්ට සිදු කරන අමානුෂිකක්මවලට කිසිසේත්ම වෙනස් හෝ දෙවෙනි නොවේ.

එදා බෙදුම්වාදී යුධ සමයෙහි ජනතා විමුක්ති පෙරමුණ ගත් ස්ථාවරය මිනිසුන්ට අමතක වී යත්වා යනු දැන් ආණ්ඩුවක් බවට පත්ව සිටින එහි නිහඬ පැතුම බව පෙනේ. එසේම ඊශ්‍රායලය ගාසාවෙහි සිදු කරමින් සිටින ජන සංහාරයද ඉක්මනින් අවසන් වෙත්වා යනුද රජයේ නිහඬ පැතුම විය හැකිය. එනමුත් රජයේ ක්‍රියාකාලපය එම නිහඬ පැතුම්වලට හානි ඇති කරන බව ඔවුන් වටහා ගත යුතුය. ගතවුනු වසර දෙකක් තිස්සේ, පලස්තීනුවන්ට එල්ල කරන ලද වඩාත්ම භයානක, ම්ලේච්ඡ ප්‍රචණ්ඩත්වයන් අප දුටුවෙමු. සෑම දිනකම, අප්‍රාණික, විනාශ වූ හා කැබලිවලට ඉරුනු පලස්තීන සිරුරුවල රූප අපගේ ජංගම දුරකතන තිර පුරවයි. මේ කිසිවක් නැවැත්වීමට අපට නොහැකි වීම ගැන අප සියල්ලන්ම දැඩි ලෙසින් ලැජ්ජා විය යුතුය. එයට වඩා ලැජ්ජාව ගෙන දෙන කරුණ නම් මෙම මිලේච්ඡකම්වලට අනුග්‍රහ දෙන රජයක්ද මෙහි තිබීමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here