මුස්ලිම් මව්ලවිවරුන් වෙනුවෙන් පවත්වන සිංහල භාෂා පුහුණු වැඩසටහනේ සමාරම්භක උත්සවය ගරු ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆ්ෆර් මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.09.23 වන දින බේරුවල, ජමියා නලීමියා ඉස්ලාමීය උසස් අධ්‍යාපන ආයතනයදී පැවැත්විණ.
සිංහල භාෂාව ඉගැනීම තුළින් ඒ භාෂාවට අනන්‍යවූ සමාජ සංස්කෘතිය තේරුම්ගැනීමට සහ ජාතීන් අතර සබදතාවයන් ගොඩනැගීමට හැකි බව ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා පවසයි. ආගමික නායකයින්ට ද්වී භාෂා සන්නිවේදන හැකියා පුහුණුව ලබාදීම තුළින් ජාතීන් අතර සංහිදියාව ප්‍රවර්ධනය කිරීමට හැකිවන බවත් දැනටමත් අස්ගිරි පිරිවෙන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ උදෙසා දෙමළ භාෂා පාඨමාලාව සාර්ථකව පැවැත්වෙමින් තිබෙන බවත් උත්සව සභාව අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තු කොමසාරිස් ජෙනරාල් තිලක් හෙට්ටිආරච්චි මහතා, ජාමියා නලීමියා ඉස්ලාමීය උසස් අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ උස්තාද් ඒ.සී අගාර් මොහමඩ් මහතා, එහි පීඨාධිපති අෂ් ෂේක් එස්.එච්.එම් ෆලීල් මහතා, ශිෂ්‍ය මව්ලවිතුමන්ලා 40 දෙනෙකු ඇතුළු පිරිසක් මෙම සමාරම්භක වැඩසටහනට එක්විය.