ශ්‍රී ලංකා ස්කොෂ් සංගමය සංවිධානය කරන විනිසුරු පුහුණු වැඩසටහන – 2025

0
2

NEWSNOW| – ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන Reliance PSA International Challenger තරඟාවලියට සමගාමීව ජාත්‍යන්තර විනිසුරු වරුන් යාවත්කාලීන කිරීමේ පාඨමාලාවක් ( International Referee refresher) 2025 සැප්තැම්බර් 16 සිට 21 දක්වා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් සංකීර්ණයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

ආසියානු ස්කොෂ් සම්මේලනයේ නිර්දේශයට අනුකූලව එම වැඩසටහන ආසියානු ස්කොෂ් සම්මේලනයේ විනිසුරුවරුන්ගේ අධ්‍යක්ෂ සහ ලෝක ස්කොෂ් නිලධාරී (WSO) විනිසුරු ශ්‍රීකාන්ත් කන්ගයම් ශේෂාද්‍රි මහතාගේ මගපෙන්වීම යටතේ පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

මෙහි දී දක්ෂතාවයන් හා නව තාක්ෂණික කරුණු පිළිබඳව නිලධාරීන් යාවත්කාලීනව තබාගැනීම, තීරණ ගැනීමේදී හැකියාව වර්ධනය කිරීම, සන්නිවේදන හැකියාවන් වැඩිදියුණු කිරීම සහ දුෂ්කර අවස්ථා කළමනාකරණය කිරීම ආදී හැකියාවන් වර්ධනය කිරීම මගින් අපක්ෂපාතී ක්‍රීඩාවක් පවත්වාගෙන යාමට, මූලික දැනුම වර්ධනය කර ගනිමින්, නවීන ක්‍රමවේදවලට යොමු වීම සහ ඉහළ මට්ටමේ විනිශ්චයක් මගින් තරඟාවලින් සැලසුම් කිරීමට විනිසුරු යාවත්කාලීන පුහුණු පාඨමාලා ඉතා වැදගත් වේ.

2027 ආසියානු කණිෂ්ඨ ස්කොෂ් තරඟාවලිය, 2026 ශ්‍රී ලංකා කණිෂ්ඨ තරඟාවලිය,(Asian Junior Super Series) සහ PSA (Professional Squash Association) ජාත්‍යන්තර තරඟාවලි මෙරටදී පැවැත්වීමට නියමිත අතර මෙහිදි ප්‍රමිතිගතව උසස් අන්දමින් ජාත්‍යන්තර තරඟාවලින් සංවිධානය කිරීමට නම් ත්‍රිවිධ හමුදාව ඇතුළු දක්ෂ විනිසුරු කණ්ඩායමක් බිහිකිරිම අත්‍යවශ්‍යය කරුණක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here