අතුරලියේ රතන හිමි ඇපමත මුදාහරී

0
146

NEWSNOW | –  රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැර තිබේ.

ඒ නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය විසිනි.

අද (12) අධිකරණය හමුවට ඉදිරිපත් කළ රතන හිමියන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 10,000ක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

2020 මහ මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පුජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් රතන හිමියන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.