හිටපු ජනාධිපතිවරු සියල්ල නිල නිවාස වලින් නික්ම යති.

0
1

NEWSNOW | – හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානම්වේ.

එසේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිල නිවසින් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව ඇත.

මේ අතර, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරු රැඳී සිටින්නේ පෞද්ගලික නිවාසවලය.

එමෙන්ම හිටපු ජනපති ආර්යා හේමා ප්‍රේමදාස මහත්මියද පසුගිය වසරේ සිට නිල නිවසින් ඉවත්ව සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here