18 න් පහළ යොවුන් ” මූඒතායි ” ලෝක ශූරතා තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කාණ්ඩය දිවයිනේ පිටත් වෙයි.

0
4

NEWSNOW | – ශ්‍රී ලංකා ” මූඒතායි ” බොක්සිං කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වයස අවුරුදු 18 න් පහළ යොවුන් ” මූඒතායි ” ලෝක ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා ඊයේ 10 රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

මෙම තරගාවලිය ලෝකයේ රටවල් 116 ක යොවුන් ” මූඒතායි ” ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන්  අද 11 දින සිට  19 දින දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලාංකික ” මූඒතායි ” ක්‍රීඩක ක්‍රීඩිකාවන් 19 දෙනෙකු සහ නිලධාරීන් 04 දෙනෙකු පිටත්ව ගියහ.

ඔවුන් 09/10 දින රාත්‍රී 09.54 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ඒ.ඩී.වයි.- 709 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here