ෆේස්බුක් සහ යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් සඳහා නේපාල රජය තිබූ තහනම ඉවතට

0
127

NEWSNOW | – ෆේස්බුක් සහ යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් සඳහා නේපාල රජය විසින් ක්‍රියාත්මක කර තිබූ තහනම ඉවත් කර තිබේ.

ඒ එම සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති විරෝධතාවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමත් සමඟය.

පසුගියදා නේපාලය තුළ ක්‍රියාත්මක කිරීම තහනම් කිරීමට පියවර ගත් අතර මීට විරෝධය පළ කරමින් එරට තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් විරෝධතාවකද නිරත විය.

එම විරෝධතා අතරතුර කන්මණ්ඩු අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද විරෝධතාකරුවන් ඇතුළු වූ අතර පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබීය.

මේ හේතුවෙන් පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නේපාල රජය තීරණය කර තිබේ.