ඇල්ල බස් අනතුරෙන් ජීවිත බේරාගත් වෛද්‍යවරයා සම්බන්ධයෙන් විමර්ශනයක්

0
10

NEWSNOW | – ඇල්ල ප්‍රදේශයේ මෑතකදී සිදු වූ ඛේදජනක අනතුරෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බදුල්ල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් ක්‍රියත්මක වන බව වාර්තා වේ.

මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ 2022 දී ඖෂධ හිඟය පිළිබඳව ඔහු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය පැවැත්වෙන බවයි.

“ඇල්ල ප්‍රදේශයේ බස් අනතුරෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමේදී මට තුවාල සිදු වූ බැවින් මට නිසි ලෙස ඇඳුමක් අඳින්නවත් බැහැ. කෙසේ වෙතත්, පරීක්ෂණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට මට කැඳවා තිබෙනවා,” ඔහු පැවසීය.

මේ අතර, ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් වෛද්‍ය රාජපක්ෂ මහතා පැවසුවේ ඇල්ල ප්‍රදේශයේ සිදු වූ ඛේදජනක අනතුරෙන් තුවාල ලැබූ දැරියකගේ තත්ත්වය බරපතල බවත් ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්ය.

“තුවාල ලැබූ මගීන් 17 දෙනාගෙන් බොහෝ දෙනෙකු නිදහස් කර ඇති අතර සිව් දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති,” ඔහු තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here